FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හොර මූල්‍ය සමාගම් 2ක් පිහිටුවා කෝටි ගණන් පිල්ලි ගැසූ වංචාවට හවුල් තවත් කල්ලියක් අල්ලන්න විමර්‍ශන

FM Heart · 2 min read

The Heart Academy
නීතිඥවරුන් 2ක් හා ගණකාධිකාරිවරයකුත් ඒ අතර මහනුවර සහ කොහුවල ප්‍රදේශවල ව්‍යාජ මූල්‍ය ආයතන දෙකක් පිහිටුවාගෙන පුද්ගලයන් 2500කට අධික පිරිසක් රවටා රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් දෙදෙනකු, ගණකාධිකාරිවරයකු ඇතුළු තවත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය පුළුල් විමර්‍ශන ආරම්භ කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ පූර්‍ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ පුළුල් විමර්‍ශනයකින් පසු මෙම ව්‍යාජ මූල්‍ය ආයතන පවත්වාගෙන ගිය ධනවත් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටි අධ්‍යක්ෂවරුන් තිදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. මාසිකව ඉහළ ලාභාංශ ලබාදෙන පොරොන්දුව මහ පුද්ගලයන් 2500කට වැඩි පිරිසක් රවටා මෙම සංවිධානාත්මක කල්ලිය විසින් රුපියල් බිලියන ගණනක මුදලක් ලබාගෙන, එම මුදල් හිමිකරුවන්ට වංචාකර ඇති බව විමර්‍ශනවලින් හෙළිවී ඇත. මෙම මහාපරිමාණ මූල්‍ය වංචාව සිදුකළ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සංවිධානාත්මක කල්ලිය විසින් වංචාවෙන් උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගත් දේපළ සම්බන්ධයෙන් වෙනම විමර්‍ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ. එම දේපළ පිළිබඳව විමර්‍ශන පවත්වා ඒවා සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වංචාවට හසුවූ අයට සාධාරණයක් කිරීමට බලාපොරොත්තු වන බව විමර්‍ශන නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම මූල්‍ය ආයතන දෙකට එරෙහි පැමිණිලි 200කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති අතර, එම පැමිණිලිවල පමණක් ඇති මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 400 ඉක්මවයි. විදේශගතව රැකියාවක් කළ පුද්ගලයකු මෙම මූල්‍ය ආයතනය වෙත රුපියල් කෝටි 8කට වැඩි මුදලක් ආයෝජනය කර ඇති බවද විමර්‍ශනවලින් හෙළිවී තිබේ. මේ ආකාරයට බොහෝ පුද්ගලයන් රුපියල් කෝටිය, දෙක වැනි විශාල මුදල් ප්‍රමාණයක් මෙම ව්‍යාජ මූල්‍ය ආයතනයේ ආයෝජනය කර ඇත. මෙම ව්‍යාජ මූල්‍ය ආයතනය මහ බැංකුවේ පවා ලියාපදිංචි වී නැති බවද විමර්‍ශනවලින් හෙළිවී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පූර්‍ණ අධික්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ගිනිගේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ ඇතුළු නිලධාරීහු විමර්‍ශන පවත්වති. හේමන්ත රන්දුණු
99mobile