FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බන්ධනාගාරයේ සිට දේශපාලඥයෙකුට කෝල් 68ක්..

FM Heart · 2 min read

The Heart Academy
අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සංවිධානාත්මක අපරාධ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වර්‍ධනය වී ඇති පසුබිමක රටේ අවශ්‍යතාව පරිදි සංවිධානාත්මක අපරාධ පනතක් ගෙන ඒමට සිදුව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය ආණ්ඩු සමයේ මෙන් නොව වත්මන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සහ ආයතන ස්වාධීන කිරීම තුළ මෙලෙස අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව පැවසීය. එම අපරාධකරුවන් ලබා දී ඇති පාපොච්චාරණවලින් ඇතැම් පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වී ඇති බැවින් පිරිසක් කලබලයට පත්ව සභාව තුළ කෑගසමින් සිටින බව ද ඔහු සඳහන් කළේය. මේ අතර, අධිකරණ ක්ෂේත්‍රයේ සිදු කර ඇති සංවර්‍ධන කටයුතු පිළිබඳව කරුණු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයක් සහ වාණිජ මහාධිකරණ දෙකක් අලුතින් ස්ථාපිත කර ඇති බවයි. එමෙන්ම, අපරාධ මහාධිකරණ සංඛ්‍යාව 08 සිට 11 දක්වා වැඩි කර ඇති බවත්, අල්ලස් නඩු විභාග කිරීම සඳහාම වෙනම මහාධිකරණ 03ක්, ත්‍රිපුද්ගල මහාධිකරණ 02ක් සහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ 02ක් පිහිටුවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද අධිකරණ පද්ධතියේ පවතින භාෂාමය ගැටලු විසඳීමට පියවර ගන්නා බවත්, නීතිඥවරුන්ගේ පහසුව සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්‍ණය තුළ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්‍යාලයේ ඔප්පු භාර ගැනීමේ කවුළුවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අදාළ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. නීතිය පොතට පමණක් සීමා නොවී සැබෑවටම ක්‍රියාත්මක වන, මුදල් හෝ දේශපාලන බලය නොතකා සැමට යුක්තිය ඉටුවන රටක් නිර්‍මාණය කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිය බව ද සුනිල් වටගල මහතා අවධාරණය කළේය.
99mobile