
දොස්තරලා අඛන්ඩ විරෝධතා අරඹති...
FM Heart · 2 min read
එහි මූලික පියවරක් ලෙස අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක කාලයක් දිවයින පුරා සියලු රෝහල් ආවරණය වන පරිදි රෝහල් ශාඛා සමිති රැස්වීම් පැවැත්වීමට නියමිත අතර, එම කාලසීමාව තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇතැයි එම සංගමය නිවේදනය කරයි. වත්මන් අයවැය යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ප්‍රථමයෙන් පහත සඳහන් මූලික ඉල්ලීම් 5 ඉටුකිරීමට රජය පියවර ගත යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. 2018 අනුමත DAT දීමනාව සම්පූර්ණයෙන්ම ලබාදීම: 2018 දී අනුමත කර දැනට කොටසක් පමණක් ගෙවනු ලබන සම්පූර්ණ DAT (Disturbance, Availability and Transport) දීමනාව වහා ලබාදීම. දීමනා බදුවලින් නිදහස් කිරීම: රාජකාරි වියදම් ආවරණය සඳහා ලබාදෙන DAT දීමනාව සහ අමතර රාජකාරී/නිවාඩු දින දීමනා උපයන විට බද්දෙන් (APIT) නිදහස් කිරීම. කප්පාදු කළ දීමනා යළි ලබාදීම: ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර දෙකක කාලය පුරා අත්හිටුවා ඇති වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනාවලින් 1/3ක ප්‍රමාණය ආර්ථිකය ස්ථාවර වූ පසු නැවත ලබාදෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටුකිරීම. 22/99 චක්‍රලේඛයට ඇතුළත් කිරීම: සුදුසුකම් සපුරා ඇති විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 22/99 ප්‍රවාහන පහසුකම් සැපයීමේ රාජ්‍ය චක්‍රලේඛය වෙත අන්තර්ග්‍රහණය කිරීම. තීරුබදු සහන වාහන බලපත්‍ර යළි ලබාදීම: වසර 6කට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා ඇති තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රමවේදය වෛද්‍යවරුන් වෙනුවෙන් රජයට කිසිදු අමතර බරක් නොවන සේ යළි ක්‍රියාත්මක කිරීම. මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාස හතරක කාලය තුළ ජනාධිපතිවරයා වෙත සිව් වතාවක් ද, අග්‍රාමාත්‍යවරිය වෙත දෙවතාවක් ද, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත තෙවතාවක් ද ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළ ද මේ දක්වා ඒ සඳහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාගොඩ මහතා පෙන්වා දෙයි. ඉදිරි සතිය තුළ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආගමික නායකයින් සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතර, රජය මීට සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ද සංගමය අනතුරු අඟවයි.

