FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මැදපෙරදිග ගිනි ගනී! අමෙරිකානු ඩ්‍රෝන යානයකට ඉරානයෙන් ප්‍රහාර – යේමනයේ සෞදි මෙහෙයුම් තවත් දැඩි වෙයි

FM Heart · 2 min read

The Heart Academy
පර්‍සියානු බොක්ක මුහුදු තීරයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියට නැගෙනහිර දෙසින් පියාසර කරමින් තිබූ අමෙරිකානු හමුදාවට අයත් ‘ලොක්හීඩ්’ (Lockheed / LUCAS) වර්‍ගයේ ඩ්‍රෝන යානයක් තම ගුවන් ආරක්ෂක හමුදා විසින් වෙඩි තබා බිම හෙළූ බව ඉරාන හමුදාව නිවේදනය කර තිබෙනවා. මෙම කලාපය ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා අතිශය තීරණාත්මක මුහුදු මාර්‍ගයක් වන අතර, පසුගිය දින කිහිපය තුළ ද ඉරාන ගුවන් ආරක්ෂක අංශ විසින් අමෙරිකානු ඩ්‍රෝන යානා කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත කලාපය. මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්‍කෝ රූබියෝ (Marco Rubio) සමඟ වොෂින්ටනයේදී පැවති හමුවකට සමගාමීව අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වෙත අදහස් දක්වමින් කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්‍රහ්මාන් අල් තානි පවසා ඇත්තේ, අමෙරිකාව සහ ඉරානය අතර තවත් යුදමය උණුසුමක් දරා ගැනීමට මැදපෙරදිග කලාපයට කිසිසේත්ම නොහැකි බවයි. අතරමග නතර වී ඇති සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට කටාර් රාජ්‍යය මැදිහත් වෙමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබෙනවා. ඊශ්‍රායල දේශපාලනය තුළ ද ඉරානය සම්බන්ධයෙන් දැඩි මතභේදයක් හටගෙන තිබෙනවා. ඊශ්‍රායල විපක්ෂ නායක සහ නව රජයක් පිහිටුවීමට බලය පවරා ඇති හිටපු හමුදා ජෙනරාල් ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) ප්‍රකාශ කර ඇත්තේ, හමුදාමය ක්‍රියාමාර්‍ගයක් ගැනීමට තරම් “ක්ෂණික තර්‍ජනයක්” ඉරානයෙන් එල්ල වී ඇති බවක් තමන් නොදකින බවයි. ඒ වෙනුවට ඉරානය සතු කිලෝග්‍රෑම් 440ක පමණ බලගැන්වූ යුරේනියම් සංචිතය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, භාරකාර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඊට ප්‍රතිචාර දක්වමින් චෝදනා කර ඇත්තේ, ඉරානයෙන් එල්ල වන සැබෑ සහ දරුණු තර්‍ජනයන් දේශපාලනික වාසි තකා සුළු කොට තැකීමට විපක්ෂ නායකයා කටයුතු කරන බවයි. මීට සමගාමීව, යේමනයේ උපායමාර්‍ගිකව වැදගත් බබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක, සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විසින් යේමනයේ හොඩෙයිඩා (Hodeidah) වරාය ඇතුළු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දැඩි කර තිබෙනවා. The National බබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය. රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරන මෙම සමුද්‍ර සන්ධිය ගෝලීය වෙළෙඳාමට අතිශය වැදගත් වන අතර, සෞදි ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ජෙඩා (Jeddah) ඇතුළු රතු මුහුදේ වරායන් වෙත පහර දෙන බවට ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි විදෙස් වාර්‍තා වැඩිදුරටත් සඳහන් කළේ. .
99mobile