
30 වනදාට කලින් ආදායම් වාර්‍තා අනිවාර්‍යයි – දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුවෙන් යළි සිහි කැදවිමක්
FM Heart · 1 min read
2025/2026 තක්සේරු වර්‍ෂයට අදාළ ආදායම් බදු වාර්‍තා ගොනු කිරීමේ අවසන් දිනය 2026 නොවැම්බර් 30 වනදා බව දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව නිවේදනය කරනවා. සංස්ථාපිත ආදායම් බදු වාර්‍තාව, හවුල් ව්‍යාපාර ආදායම් බදු වාර්‍තාව සහ තනි පුද්ගල ආදායම් බදු වාර්‍තාව යන බදු වාර්‍තා මෙලෙස නියමිත දිනට පෙර ගොනු කළ යුතු බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේ. ඒ අනුව, නියමිත වේලාවට ආදායම් බදු වාර්‍තා ගොනු කර දණ්ඩන මගහැර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. බදු ගෙවීම් සම්බන්ධයෙන් මේ දිනවල පවතින කතාබහ සම්බන්ධයෙන් නෙත් නිව්ස් යූටියුබ් නාලිකාව වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු දිනන කතා විශේෂාංගයේදී සාකච්ඡාවට ලක්කෙරුණා. ඒ වරලත් බදු උපදේශකයන්ගේ සංගමයේ ආරම්භක සභාපති ආචාර්‍ය දමිත් ගංගොඩවිලගේ මහතා සමඟයි. මේ දිනවල දේශීය ආදායම් බදු දෙපාර්‍තමේන්තුවෙන් ලැබෙන ලිපි පිළිබඳ එහිදී මෙලෙස සාකච්ඡා කෙරුණා. .

