FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාසල් නිල ඇඳුමින් දරුවන් පිරිසක් විරෝධතාවකට යොදාගෙන..

FM Heart · 1 min read

The Heart Academy
අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් පෙන්වා දෙන්නේ, පාසල් සිසුන් යොදාගනිමින් පැවැත්වූ විරෝධතාවක වීඩියෝ දර්‍ශන සහ එහිදී දරුවන්ගෙන් ලබාගත් හඬපට කිහිපයක් විවිධ ජනමාධ්‍ය ආයතන මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් විසින් ප්‍රචාරය කර ඇති බවයි. දරුවන් සතු භාෂණයේ නිදහස සහ අයිතිවාසිකම් අනිසි ලෙස අවභාවිත කරමින් දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන්ව මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස මෙහෙයවා ඇති බවත්, ඇතැම් මාධ්‍යවේදීන් දරුවන් ආවේගශීලී කරමින් අදහස් ලබාගෙන ඇති බවත් එහි සඳහන් වේ. එබැවින් පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින බාලවයස්කාර දරුවන් මාධ්‍ය තුළ දැඩි විවේචනයට සහ අනවශ්‍ය පීඩනයට ලක්වීම වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි. දරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ අනන්‍යතාවට හානි වන අයුරින් ඔවුන්ගේ ඡායාරූප, වීඩියෝ දර්‍ශන හෝ හඬ පට ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලුම මුද්‍රිත, විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස ඉල්ලා සිටියි.
99mobile