
අස්වැසුම අභියාචනා ගැන විශේෂ දැනුම්දීමක්
FM Heart · 2 min read
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සම්පූර්‍ණ ලැයිස්තුව මේ වන විට නිකුත් කර අවසන් බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි කොමසාරිස් හා සභාපති නිමල් කොටවෙලගෙදර මහතා පවසන්නේ එම ලැයිස්තුවේ යම් ගැටළුවක් වේ නම් අභියාචනා භාර ගැනීම දැන් සිදු වන බවයි. නිමල් කොටවෙලගෙදර මහතා – “මේ දැන් අපි ලැයිස්තුව නිකුත් කරලා තියෙනවා . මේ කාණ්ඩ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් මට්ටමින්, ග්‍රාම නිලධාරී මට්ටමින් ප්‍රදර්‍ශනය කරලා තියෙනවා . ඕනෑම කෙනෙකුට අපේ වෙබ් අඩවියෙන් (Website) බලන්නත් පුළුවන් .” තරංග – “ඒ කියන්නේ මේ 2027 හම්බවෙන්න ඉන්න පිරිසද ?” නිමල් කොටවෙලගෙදර මහතා – “ඔව්, දැන් මේ නොවැම්බර්, දෙසැම්බර් මාස දෙකේ අපි ගෙවීම් (Payment) කරන කාණ්ඩය . මේ මේ කියන තෝරාගත් ලක්ෂ නවය අපි දැන් මං මේ දැන් කිව්ව විදිහට ලැයිස්තුව තියෙනවා . එතකොට දැන් ඒ නම බලන්න පුළුවන් . තමන් දුප්පත් කාණ්ඩයේද ඉන්නේ, අන්ත දුප්පත් කාණ්ඩයේද ඉන්නේ, අවදානම් කාණ්ඩයේද ඉන්නේ, සංක්‍රාන්ති කාණ්ඩයේද ඉන්නේ, එහෙම නැත්නම් නොතේරුණු ලැයිස්තුවේද කියලා බලන්න පුළුවන් . අභියාචනා කාලය අවසන් වූ පසුව කිසිදු ඉල්ලීමක් භාර නොගන්නා බවයි සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ කොමසාරිස් හා සභාපති නිමල් කොටවෙලගෙදර මහතා පැවසුවේ. “ඔව්, දැන් මේ නොවැම්බර්, දෙසැම්බර් මාස දෙකේ අපි ගෙවීම් (Payment) කරන කාණ්ඩය . මේ මේ කියන තෝරාගත් ලක්ෂ නවය අපි දැන් මං මේ දැන් කිව්ව විදිහට ලැයිස්තුව තියෙනවා . එතකොට දැන් ඒ නම බලන්න පුළුවන් . තමන් දුප්පත් කාණ්ඩයේද ඉන්නේ, අන්ත දුප්පත් කාණ්ඩයේද ඉන්නේ, අවදානම් කාණ්ඩයේද ඉන්නේ, සංක්‍රාන්ති කාණ්ඩයේද ඉන්නේ, එහෙම නැත්නම් නොතේරුණු ලැයිස්තුවේද කියලා බලන්න පුළුවන් .” .

