
විපක්ෂ නායක සජිත් පෞද්ගලික ණය 18ක් අරන්... කිසිවක් යළි පියවා නෑ ... මෙන්න අනාවරණය...
FM Heart · 1 min read
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නවතම වත්කම් සහ බැරකම් ප්‍රකාශය පිළිබඳව BBC සිංහල වෙබ් අඩවිය තොරතුරු දක්වා තිබෙනවා. මේ වන විට ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ඔවුන් සඳහන් කළ ද වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමක් සිදුවන අතර පසුව යළිත් වත්කම් ප්‍රකාශ කියවීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ. ඔහුගේ වත්කම්වල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදුව නොමැති වුවද, 2025 වසරේදී රුපියල් මිලියන 29.6ක් ලෙස සටහන් වූ ඔහුගේ මූල්‍යමය වත්කම් ප්‍රමාණය නව ප්‍රකාශය වන විට රුපියල් මිලියන 23.5ක් දක්වා පහත වැටී ඇති බව නිරීක්ෂණය වේ. කෙසේවෙතත්, පසුගිය වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන්ව තිබූ විපක්ෂ නායකවරයාගේ මූල්‍යමය වගකීම් සම්බන්ධයෙන් මීට වඩා පැහැදිලි තොරතුරු නව ප්‍රකාශය හරහා අනාවරණය වී තිබීම විශේෂත්වයකි. පසුගිය වසරේ ඔහුගේ එවැනි වගකීම් 20ක් සම්බන්ධයෙන් සඳහන් වුවද, ඒවා ලබාගත්

