
ඥාණසාර හිමි යලි සිවුර අදින්න බෑ කියයි.. දිගටම ජම්පරයෙන්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මාධ්ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, බන්ධනාගාරයේ පවතින රෙගුලාසි සහ චීවරය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුව පිළිබඳව ඥානසාර හිමියන් තමන් ඇතුළු පාර්ශ්වයන් වෙත සිය ස්ථාවරය දැනුම් දුන් බවයි. එහිදී ඥානසාර හිමියන්ගේ ප්රකාශය උපුටා දක්වමින් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය. "බන්ධනාගාර නිලධාරීන්ට මගේ සිවුර බලහත්කාරයෙන් ගලවන්න පුළුවන් වුණත්, ඔවුන්ට නැවත මට සිවුරු අන්දවන්න බෑ. මට නැවත සිවුරු ඇන්දවීමේ ශාසනික අයිතිය තියෙන්නේ මා අයත් සංඝ සභාවේ නායක ස්වාමීන් වහන්සේලාට පමණයි." ඒ අනුව, උන්වහන්සේට යළි සිවුර ලබා දීමේ ක්රියාමාර්ගයකට එළඹෙන්නේ නම්, බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව ඥානසාර හිමියන් අයත් කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභාව සමඟ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව උන්වහන්සේ පැහැදිලි කර ඇතැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 6ක සිරදඬුවම් නියමව සිටියදී, 2019 වසරේ එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය මගින් ඒකමතිකව අහෝසි කරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය. ඒ අනුව ඉතිරි සිරදඬුවම විඳීම සඳහා උන්වහන්සේ යළි බන්ධනාගාරගත කෙරිණි. එහිදී බන්ධනාගාර නීතිරීතිවලට අනුව ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරු ඇඳුම ජම්පර ඇන්දවීමත් සමඟ, සංඝරත්නයේ ගෞරවය සහ විනය පිටකය කෙලෙසී ඇතැයි පවසමින් මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ සංවිධාන දැඩි විරෝධයක් මතු කළහ.
Google AdSense
In-Article Ad

