FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යලි මැතිවරණයක් තියන්නේ අපි දුන් පොරොන්දු සියල්ල ඉටු කල පසුයි..- මාලිමා මන්ත්‍රී

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මංජුල සුරවීරආරච්චි මහතා ඒ බැව් (17) දින කියා සිටියේ ගිනිගත්හේන ප්‍ර දේශයේ පැවති උත්සවයකදීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ., පවතින යුද්ධයත් සමග මෙඑටට පැමිණෙමින් තිබූ තාර නැව් 30ක් පමණ යුද්ධයෙන් විනාශ වී ඇති බවයි. කෙසේ වෙතත්, දැනට තිබෙන තාර කලමණාකරණය කර ගනිමින් මාර්‍ග සංවර්‍ධනය අඛණ්ඩව සිදු කරන බවද මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය. 2024 වසරේ තම රජය බලයට පැමිණීමට ප්‍රථම මධ්‍යම පළාතේම සංවර්‍ධනයට රු.මිලියන 5000ක මුදලක් එවකට රජය මගින් ලබා දුන් බවත්, පසුව වත්මන් රජය රු.මිලියන 13500ක් ලබා දුන් බවත්, 2026 වසර වෙනුවෙන් මේ වන විට රු.මිලියන 55000ක් දක්වා වැඩි කර ඇති බවයි. මධ්‍යම පළාත තුල පළාත් පාලන ආයතන බලය කාට හිමි වූවත්, අවංකව කටයුතු කරන සෑම පළාත් පාලන ආයතනයකම පක්ෂ භේදයකින් තොරව ප්‍රතිපාදන ලබා දෙමින් සංවර්‍ධන කටයුතු කරන බවයි මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ.

Google AdSense

In-Article Ad