
පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් ගැන අනාවරණයක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් තවමත් අවම මට්ටමක පවතින බව පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයා බැලීමට පත්කළ අනුකාරක සභාව නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමටත් පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් පියවර ගත යුතු බවයි. පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයා බැලීමට මෙම අනුකාරක සභාව පත් කරනු ලැබූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව විසින්. පාර්‍ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය එහි සභාපතිත්වය දරනවා. මෙම අනුකාරක සභාව ඉකුත්දා රැස්වූ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බවයි වාර්‍තා වුනේ. ලෝක බැංකුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. .
Google AdSense
In-Article Ad

