
කොළඹ කොටස් පල්ලමට.. අද පිරිවැටුම බිලියනයක්වත් නෑ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්‍ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 68.26කින් හෙවත් සියයට 0.33කින් පහත වැටී ඒකක 20,812.64ක් ලෙස සටහන් විය. එමෙන්ම ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්‍ශකය ද ඒකක 18.15කින් (සියයට 0.31කින්) පහළ ගොස් දිනය නිමාවන විට ඒකක 5,883.50ක් දක්වා අඩු වී තිබිණි. දිනය පුරා කොටස් වෙළෙඳපොළ තුළ රුපියල් මිලියන 873.37ක (රු. 873,379,328.35) සමස්ත පිරිවැටුමක් වාර්‍තා වූ අතර, එහිදී ගනුදෙනු 10,403ක් මඟින් හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 29,937,516කි. වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව ආරම්භයේ සිටම දර්‍ශකයන්ගේ අඛණ්ඩ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ.
Google AdSense
In-Article Ad

