
වගා ආයෝජන කියමින් කර ඇත්තේ නීති විරෝධී තැන්පත් ගැනීමක්..
FM Heart · 2 min read
වගා ආයෝජනවලට සම්බන්ධ සමාගම් කිහිපයක ගිණුම් තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් විසින් මහ බැංකු මාධ්ය හමුවේ දී අසන ලද ප්රශ්න වලට පිළිතුරු දෙමින් මහ මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ වගා ආයතනවල මුදල් තැන්පත් කළ අයට, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙමින් මහ බැංකුවට සහාය වන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටි මහ බැංකු අධිපතිවරයා කීවේ, ඒ අනුව වගා ආයෝජන මුවාවෙන් තැන්පත් මුදල් ගත් ආයතනවලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට මහ බැංකුව සුදානම් බවයි. සියයට 40 ක් වැනි වාර්ෂික ප්රතිලාභයක් දීම කළ හැකි වන්නේ තවත් අයගේ තැන්පත් ගැනීමකින් පමණක් බවත් දැන් මේවායේ අලුතින් මුදල් තැන්පත් කිරීම අඩු වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. මේවායේ මුලින් මුදල් දාපු අයට මුලදී යම් කිසි මුදලක් ලැබෙන්න පුළුවන්. නමුත් අවසානයේ මුදල් දාපු බහුතරයක් අමාරුවේ වැටෙනවා. ඒ අය ආරක්ෂා කිරීම මහ බැංකුවේ අරමුණ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කළ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කියා සිටියේය. ‘ඇත්ත වශයෙන් බැලුවම පේන දෙයක් තමයි මේ ගන්නා මුදල් වියදම් කරලා තියෙන්නේ වගාවටම නෙවෙයි වෙන වෙන කටයුතුවලට. වගා ආයෝජන මුවාවෙන් එම සමාගම් ගෙන ඇති මුදල්වලින් විවිධ ව්යාපාර කටයුතු කරනවා.’

