FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් රැුසක් ගාළු වරායට ගෙනේ..

FM Heart · 4 min read

The Heart Academy
ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්‍ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් යොදා ගනිමින් අදාළ රෝගාතුර වූ සේවක පිරිස අද (24) දහවල් ගාල්ල වරාය වෙත රැගෙන ආ බව ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය තහවුරු කළේය. ගාල්ල වරාය පරිශ්‍රය තුළ තාවකාලිකව රඳවා තබා ඇති මෙම නාවිකයන් පිරිස, වැඩිදුර සහ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකා රැසක් පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්‍ථික කලාපය (EEZ) ආසන්නයේ ගැඹුරු මුහුදේ නැංගුරම් ලා සිටි පසුබිමක මෙම හදිසි රෝගී තත්ත්වය වාර්‍තා විය. මුහුදු මාර්‍ගයෙන් පැමිණෙන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ හදිසි මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන්ට අනුගත වෙමින් ශ්‍රී ලංකා බලධාරීන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. මෙම සේවකයන් හදිසියේ අසනීප වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ වෛද්‍ය හා ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත. ඒම සිදුවීම සම්බන්ධයෙන් රජය ක්‍රියා කළේ අදාළ සියලු ජාත්‍යන්තර සම්මුතීන් හා නීති රීතිවලට පූර්‍ණ ලෙස අනුගත වෙමින් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, යම් පිරිසක් මුහුදු මාර්‍ගයෙන් පැමිණෙන අවස්ථාවකදී රාජ්‍යයක් විසින් අනුගමනය කළ යුතු සම්මත ජාත්‍යන්තර නීතිමය රාමුවක් මෙන්ම සරණාගතයන් හා මානුෂීය සහන සැලසීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පවතින බවයි. එකී නීති රීති සහ මානුෂීය සම්මුතීන්ට ගරු කරමින් ශ්‍රී ලංකා රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, එම ක්‍රියාමාර්‍ග හේතුවෙන් කිසිදු රටකට හෝ පාර්‍ශ්වයකට ගැටලුවක් මතුවීමට ඉඩක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. ආරම්භයේ සිට මේ දක්වා මෙම සිදුවීමට අදාළ සියලු ක්‍රියාමාර්‍ග ගනු ලැබුවේ ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සම්මුතීන්ට අනුකූලව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. Emergency Medical Evacuation for 27 Workers aboard Iranian Oil Tanker near Galle In a concerning incident off the coast of Galle, 27 crew members aboard an Iranian oil tanker experienced a sudden health crisis, prompting urgent medical evacuation efforts. The incident has drawn the attention of the Ministry of Foreign Affairs, which facilitated coordinated action by the Sri Lanka Navy. Using two fast attack craft, the navy successfully transported the ailing crew members to the Galle Port around noon today (October 24), as confirmed by the Galle District Deputy Police Chief’s Office. These workers, currently being temporarily housed in the port area, are slated to receive further medical treatment at a private hospital in Colombo. The alarming health issue among the crew arises amid a backdrop of heightened military tensions in the Middle East and U.S. sanctions, which have previously led to an influx of Iranian oil tankers navigating through Sri Lanka's Exclusive Economic Zone (EEZ). Sri Lankan authorities conducted the operation in compliance with international maritime laws and agreements, ensuring that the safety of lives and provision of emergency humanitarian assistance were prioritized. Details regarding the specific cause of the workers' sudden illnesses have yet to be disclosed, with medical and security agencies actively investigating the situation. Health Deputy Minister Dr. Ha sanka Wijemuni has stated that the government's response is fully aligned with all applicable international treaties and regulations. In a formal address to the media, he emphasized the obligations states have under established international legal frameworks to provide support for individuals arriving by sea, as well as the importance of humanitarian aid. Reassuringly, the Deputy Minister remarked that the Sri Lankan government has taken all necessary measures in accordance with these legal and humanitarian agreements, ensuring no problems arise for any country or party involved due to the actions undertaken. He further confirmed that every step taken in relation to this incident has adhered to international standards and agreements from the outset. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
99mobile