FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඥානසාර හිමි නිදහස් කිරීම ගැන තීරණයක් ගන්න ජනාධිපතිට ප්‍රමාණවත් කාලයක් දෙන්න තිබුනා..

FM Heart · 1 min read

The Heart Academy
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙය සැබෑ ලෙසම ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ගෙනයන සටනක් නම් ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රමාණවත් කාලයක් ලබා දීමට හැකියාව තිබූ බවයි. නුවරින් ආරම්භ වී විහාරමහාදේවි උද්‍යානය දක්වා පැමිණි මෙම ක්‍රියාදාමය හුදෙක් හිමිවරුන් බේරාගැනීමක් නොව, බලය අහිමි වූ දේශපාලන කල්ලි විසින් යටින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් බව ඔහු පෙන්වා දුන්නේය. රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන විය යුතු අතර, අධිකරණයකින් ලබා දෙන නඩු තීන්දුවලට ගරු කිරීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම රජයේ මූලික ප්‍රතිපත්තිය බව ද සිහිපත් කළේය. අතීත පාලකයන් මෙන් බුදුදහමට හෝ සංඝරත්නයට අගෞරව කිරීමේ හෝ පහරදීමේ කිසිදු ඉතිහාසයක් ජාතික ජන බලවේගයට නොමැති බව අවධාරණය කළ ඒ මහතා, ජාති ආගම් භේදයකින් තොරව සුන්දර රටක් ගොඩනැගීමට සිය රජය ක්‍රියාකරන බව සඳහන් කළේය. තවද, මෙම විරෝධතා ඔස්සේ ජනපතිට එරෙහිව ‘ගෝ හෝම්’ වැනි අරගල නිර්‍මාණය කිරීමට ඇතැමුන් උත්සාහ කළද, ජනතාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා හඬට ඇහුම්කන් දෙන ආණ්ඩුවකට එරෙහිව එවැනි තත්ත්වයක් කිසිසේත්ම නිර්‍මාණය කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
99mobile