
දේවානිට උසස්විමක්.. පළාත් දෙකක දෙවැනියා ලෙස පත් කරයි..
FM Heart · 1 min read
ඒ අනුව, ඇය 26 වැනි සඳුදා දින සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ සමයේදී, නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා දේශපාලන අධිකාරිය හමුවේ නීතිය ක්රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් ඇය මෙරට මහජනතාව අතර ප්රසිද්දියට පත්විය. විශේෂයෙන්ම කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සහ අතිශය දුර්ලභ ‘කෲඩියා සෙලනිකා’ ශාකය රැකගැනීම වෙනුවෙන් ඇය ගෙනගිය සටන දැඩි කතාබහට ලක්විණි. මීට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස්වීම් සහ ස්ථාන මාරුවීම්වලදී ජ්යෙෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට දේවානී ජයතිලක මහත්මිය ප්රසිද්ධියේ කරුණු පෙන්වා දී තිබූ පසුබිමක, මෙම නව උසස්වීම ලැබීම විශේෂත්වයකි.

