FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තෙල් මිල වැඩි නොවුනොත් සමාගම් තෙල් ගේන එකක් නෑ.. එතකොට රජයට විතරක් රටටම තෙල් සපයන්න බෑ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙරට ඉන්ධන වෙළෙඳපොළ තුළ බෙදාහැරීමේ කටයුතු සමාගම් කිහිපයක් අතර බෙදී පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාම මත ලාභ නොලබන තත්ත්වයක් තුළ එම සමාගම් ඉන්ධන ගෙන්වීම නතර කළහොත් රට තුළ ක්ෂණික හිඟයක් මතුවිය හැකි බව පැහැදිලි කළේය. එවැනි තත්ත්වයකදී සම්පූර්‍ණ සැපයුම තනිව ආවරණය කිරීමට තෙල් සංස්ථාවට පමණක් නොහැකි බව හෙතෙම කියා සිටියේය. රජයේ ප්‍රමුඛතම වගකීම හා ඉලක්කය වන්නේ කුමන තත්ත්වයක් යටතේ වුවද රට තුළ අඛණ්ඩ ඉන්ධන සහ විදුලි සැපයුමක් සහතික කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දින දෙක තුනකින් හෝ සැපයුම බිඳවැටුණහොත් ආර්‍ථිකයට සිදුවන බලපෑම අතිවිශාල බවත්, එලෙස කඩා වැටෙන ආර්‍ථිකයක් යළි නඟාසිටුවීම අතිශය දුෂ්කර බවත් සඳහන් කළේය. එබැවින්, අඛණ්ඩ සැපයුම ආරක්ෂා කරගැනීම උදෙසා පෞද්ගලික සමාගම්වලට ද සිය ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යාමට හැකි වන පරිදි මිල තීරණය කිරීමේදී යම් සාධාරණ කොටසක් හිමිවීම අත්‍යවශ්‍ය සාධකයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad