
සිවරාසා අනෝජන්ට සමාව ලබා දෙන්නැයි විරෝධතා..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සෞදි අරාබියේ මරණ දණ්ඩනයට නියම වී ඇති ශ්‍රී ලාංකික සිවරාජා අනෝජන්ට සානුකම්පිතව සලකා පොදු සමාව ලබා දෙන ලෙස වතුකරයේ තරුණයන් පිරිසක් (20) දින හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ නිහඩ විරෝදතාවයක නියැලින. ශ්‍රී ලංකා හින්දු සංවිධාන සංසදය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණයේදි අදහස් දැක්වූ තරුණයන් කිහිප දෙනෙකු කියා සිටියේ, සෞදි ආරාබියේදි සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් එම තරුණයා අධිකරණ තීන්දුවක් හරහා මරණ දඩුවම නියම වී ඇති බවයි. ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සෞදි අරාබියේ රැකියාවල නිරතව සිටින බවත්, ඔවුන් ආතතියෙන් මිදිම සදහා සමාජ මාධ්‍ය භාවිතා කර සිත සැහැල්ලු කර ගන්නා බවයි විරෝධතාවයේ නියැලී සිටි වතුකරයේ තරුණයන් කියා සිටියේ. මේ සදහා රජයද මැදිහත් විය යුතු බවයි ඔවුන් කියා සිටියේ. - රංජිත් රාජපක්ෂ Youth Rally in Wattalakkana Demands Clemency for Sri Lankan Sentenced to Death in Saudi Arabia A group of around twenty young people from Wattalakkana staged a silent protest on the 20th, urging the authorities to grant clemency to Sri Lankan citizen Sivaraaja Anojan, who has been sentenced to death in Saudi Arabia. The protesters gathered at the Malalias Appu junction, expressing their solidarity with Anojan. During the demonstration organized by the Sri Lanka Hindu Organizations Council, several participants highlighted that the young man's death sentence was linked to his use of social media, which led to a judicial decision in Saudi Arabia. They expressed concerns about the implications of such a verdict on Sri Lankans working abroad. Many Sri Lankans are employed in various sectors across Saudi Arabia, often turning to social media as a means of coping with the mental pressures of their work environment, the protesters explained. The need for government intervention in this matter was a central theme of their rally. They urged the Sri Lankan government to take immediate action and support their compatriot facing such a grave situation abroad. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

