
අපි ප්‍රායෝගික බෞද්දයක්.. අපි මාක්ස්වාදීන්.. පිදෙල් කස්ත්‍රෝලාගෙ ආර්‍ථික දර්‍ශණය පිලිගන්නවා.. මාක්ස්වාදීන් වඩාත්ම නිර්‍මාණශීලී මිනිසුන්..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
තමන් බුදුදහමේ මූලික හර පද්ධතීන් ජීවිතයට එක් කරගත් සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් බවත්, ඒ සමඟම මාක්ස්-ලෙනින්වාදී මතවාදය ප්‍රසිද්ධියේ පිළිගැනීමට කිසිසේත් නොපැකිලෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි. ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් පිටතින් ආගම තවරාගත් බෞද්ධයන් නොවන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්‍ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මෙසේද පැවසීය. "අපි ප්‍රායෝගික බෞද්ධයෝ. ඇත්ත බුද්ධ දර්‍ශනයේ තියෙන හර පද්ධතීන් අපේ ජීවිතවලට එකතු කරගත්තු මිනිස්සු මිසක් ආගම තවරාගත්තු බෞද්ධයෝ නෙවෙයි. ඒ වගේම 'අපි මාක්ස්වාදීන්ද?' කියලා ඇහුවොත්, ඔව් අපි මාක්ස්වාදීන්. ඒක ප්‍රකාශ කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි මාක්ස්වාදීන් පමණක් නෙවෙයි, මාක්ස්-ලෙනින්වාදීන්. එපමණක් නොව, 20 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ දේශපාලන චින්තකයන් වන චීනයේ මාඕ සේතුං, වියට්නාමයේ හෝචිමින් මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන්ගේ, දාර්‍ශනිකයන්ගේ සහ ආර්‍ථික විද්වතුන්ගේ දර්‍ශනයන්ගෙන් අපි ආභාසය ලබා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වූ ආචාර්‍ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්ගේ ජීවන ආදර්‍ශයන් මෙන්ම, මෙරට විසූ ආනන්ද කුමාරස්වාමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගේ උසස් ගුණාංග ද අපගේ දේශපාලන ව්‍යාපාරයට මෙන්ම ජීවිතවලට ද එකතු කරගනිමින් කටයුතු කරන පිරිසක්." මාක්ස්වාදීන් යනු ලෝකයේ වඩාත්ම නිර්‍මාණශීලී මිනිසුන් බවත්, මෙම ලෝකය වඩාත් යහපත් හා සුන්දර තැනක් බවට පත් කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන පිරිසක් බවත් අසිත නිරෝෂණ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. Parliamentarian Asitha Niroshan Affirms Commitment to Practical Buddhism and Marxism In a recent address, Asitha Niroshan, a member of the National People's Power, asserted that true practitioners of Buddhism incorporate its fundamental principles into their everyday lives while steadfastly rejecting any constraints of mainstream Marxist-Leninist ideology. Speaking to a gathering, Niroshan clarified that he is not among those who abandon the religion to claim Buddhism for the sake of external acceptance. "We are practical Buddhists. We embody the core principles of genuine Buddhist philosophy in our lives. We are not Buddhists who forsake our religion," he emphasized. "Moreover, if asked whether we are Marxists, the answer is yes; we do not shy away from declaring that we are Marxists. We are not just Marxists but Marxist-Leninists as well." He further elaborated that they draw inspiration from esteemed political thinkers of the 20th century, including revolutionary leaders such as Mao Zedong from China, Ho Chi Minh from Vietnam, and Fidel Castro from Cuba. Niroshan also highlighted the influential philosophies and life lessons from notable figures like Dr. A.P.J. Abdul Kalam, the former President of India, and Sri Lankan intellectual Anand Kumaraswamy, incorporating these into their political endeavors and daily lives. According to Niroshan, Marxists are among the most creative individuals in the world, tirelessly working to transform the planet into a better and more beautiful place. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

