FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අරවින්ද හා බිරිද අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද වරෙන්තු නිකුත් කළේය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටි අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අරවින්ද ද සිල්වා මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ අවමංගල්‍ය උත්සවය අද දින පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි. කෙසේවෙතත්, අදාළ වරෙන්තු ආපසු කැඳවීම සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී එම කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය. Aravinda de Silva and Wife Ordered to Appear in Court Amid Ongoing Case Former Sri Lankan cricket star Aravinda de Silva and his wife Priyanga Anushka Wijeanayake have been instructed to surrender immediately by Colombo Fort Magistrate Pasan Amarasekara today. This directive came as part of a hearing concerning a case against Kapila Chandrasekara, the former CEO of SriLankan Airlines, and his wife. The order was issued during proceedings at the Fort Magistrate's Court, where the case against Chandrasekara and his spouse was brought forward. The couple's absence from court prompted the magistrate to take this action. Aravinda de Silva and his wife were appearing as sureties for Chandrasekara's wife. Their failure to show up in court today was the reason for the magistrate's intervention. During the proceedings, a lawyer representing them stated that Aravinda de Silva's mother had passed away, and her funeral was scheduled for today, which prevented them from attending the court session. Nonetheless, the magistrate emphasized that these reasons should be presented formally in court should the request for revocation of the warrants be put forth in the future. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad