
අපේ ආණ්ඩුවේ සංවර්‍ධණය විපක්‍ෂයට දරාගන්න බෑ..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
වත්මන් රජය යටතේ රට ඉදිරියට යමින් ආර්‍ථික ස්ථාවරත්වයක් සහ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙමින් පැවතීම, මෙරට පාලනය කළ පැරණි බංකොලොත් විපක්ෂයට දරාගත නොහැකි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අතීතයේදී ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් නිර්‍මාණය කළ සියලු පාර්‍ශ්වයන්ට අද වන විට එකම වේදිකාවකට පැමිණ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට සිදුව ඇත්තේ රට සංවර්‍ධනය කරා යන ගමන නතර කිරීමේ අරමුණින් බවයි. පැරණි දේශපාලන ක්‍රමයේ සුන්බුන් බවට පත්ව සිටින විපක්ෂයට මෙම ප්‍රගතිය දෙස බලා සිටීමට නොහැකි වී ඇති බවත්, එකිනෙකාට පසමිතුරු ප්‍රතිවිරුද්ධ පාර්‍ශ්වයන් පවා එකතු කරගනිමින් කෙසේ හෝ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. Political Opposition Struggles to Cope with Government's Progress, Says MP Chandana Suriyarachchi Amid ongoing efforts to build economic stability and foster a new political culture under the current administration, the National People's Power's parliamentarian, Chandana Suriyarachchi, suggests that the previous bankrupt opposition is unable to accept this advancement. He emphasized that various factions responsible for instigating ethnic and religious conflicts in the past have now united on a single platform to oppose the government, motivated by a common goal to halt the nation's development. Suriyarachchi pointed out that the opposition, which has become obsolete in the old political system, is struggling to watch the progress being made. Despite their historical differences, these once-adversarial parties are now making concerted efforts to topple the current government, revealing their desperation in the face of its achievements. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

