FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඥානසාර හිමියෝ තවම අතුරුදහන්! - උන් වහන්සේ රචිත ඉස්ලාම් අන්තවාදී තර්‍ජනය පිළිබඳ 9.05 විකෘතිය කෘතිය දොරට වැඩිම හෙට!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රචනා කරන ලද “ඉස්ලාම් අන්තවාදී තර්‍ජනය පිළිබඳ 9.05 විකෘතිය” නමැති නවතම කෘතිය හෙට (සැප්තැම්බර් 17දා) පස්වරු 2.30ට දොරට වැඩීමට නියමිතව තිබේ. මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ විශේෂ උත්සවය කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාමීය අන්තවාදී තර්‍ජනයන් සහ ඒ හා සබැඳි සමාජ-දේශපාලනික කරුණු පිළිබඳව මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂණාත්මක තොරතුරු රැසක් මෙම කෘතියට ඇතුළත් වේ. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, විද්වතුන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

Google AdSense

In-Article Ad