
ශිරන්ති මැඩම්, පෙට් ස්කෑන් එකක් ගන්න එකතු කරපු සල්ලි සිරිලිය ගිණුමේ ඒ විදිහටම තියෙනවා – මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කියයි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජාතික ඉතුරුම් බැංකුවෙන් (NSB) “සිරිලිය සවිය” පදනමේ ගිණුමට බැරකළ රුපියල් කෝටියක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (16) මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබේ. “ශිරන්ති මැඩම්, පෙට් ස්කෑන් එකක් ගන්න එකතු කරපු සල්ලි සිරිලිය ගිණුමේ ඒ විදිහටම තියෙනවා,” යැයි ඔහු අවධාරණය කර සිටියේය. මූලික චෝදනාවට අනුව, කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහල සඳහා CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ අරමුණින් ජාතික ඉතුරුම් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටියක මුදලක් සිරිලිය සවිය ගිණුමට බැරකර, එම යන්ත්‍රය චීන රජය විසින් නොමිලේ පරිත්‍යාග කර තිබියදීම එම මුදල් වෙනත් කටයුතු සඳහා අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින්, “ආධාරයක් දුන්නාම වැඩේ කෙරුනේ නැහැ කියලා, නැවත ඒක දීපු කෙනාට දෙන්නේ නැහැනේ,” යැයි ද ගමගේ මහතා පෙන්වා දුන්නේය. එසේම, මෙම ආන්දෝලනාත්මක පෙට් ස්කෑන් යන්ත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට FCID අංශය සූදානම් වෙමින් සිටින අවස්ථාවකදීම මෙම මාධ්‍ය ප්‍රකාශය නිකුත් වී තිබීම විශේෂත්වයකි. මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම විදෙස් ගතව ඇති බවට වාර්‍තා වී ඇති අතර, ඇය ලබන සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් ලැබී ඇති බව ද සඳහන් වේ.
Google AdSense
In-Article Ad

