FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු තාම විසඳී නෑ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

හෙතෙම මේ බව පැවසූයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී හෙතෙම පවසා සිටියේ මේ වන විට රජය විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ළමුන් ඇතුළත් කර නොගෙන එහි අර්‍බුදයක් පවත්වාගෙන යමින් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ප්‍රවර්‍ධන වැඩසටහන් සිදු කිරීම කනගාටුදායක තත්ත්වයක් බවයි. 'මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තුවේ අධ්‍යාපන පිළිබඳ කාරක සභාවල වගේම වෙනත් කමිටු වල අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නවා අධ්‍යාපනයේ විශාල වෙනසක් ගැන.නමුත් පාසල් පද්ධතියේ ගුරුවරු මේ සම්බන්ධයෙන් දැනුවත් නෑ. ලබන අවුරුද්දට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න යනවා එක සහ දෙක ශ්‍රේණිව සහ හය ශ්‍රේණියේ.එතකොට හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන අවුරුද්දෙ සංශෝධනයන් කරලා ක්‍රියාත්මක කරනවා කීවට මේ වසරේ මේ වෙනකන් තියෙන මොඩියුල තමයි ලබාදෙන්න උපදෙස් ලබාදීලා තියෙන්නේ.එතකොට ඒ මොඩියුල වෙනස් වෙන්නේ නෑ.තියෙන මොඩියුල ටික තමයි පාවිච්චි වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුල තමයි වෙනස් කරන්න තියෙන්නේ.එතකොට අනිත් ඒවා වෙනස් වෙන්නේ නෑ කියන එක තහවුරු කරලා තියෙන්නේ.එතකොට මේ ගැටුමට මොකක්ද තියෙන උත්තරේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා ජාතික අධ්‍යාපන කොමිසම මේ වන විට ජනාධිපතිවරයට නව අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා.එහෙම ප්‍රතිපත්ති රාමු ඉදිරිපත් කරනවා නම් ජනතාවත් එක්ක කතා කරලා. ජනතාවගේ අදහස් වලින් තොරව තමයි මේක කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද.ප්‍රතිසංස්කරණ වල අධ්‍යාපන පරිවර්‍තනයක් ගැන මේ අධ්‍යාපන අමාත්‍යවරිය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කළාට පාර්‍ශ්ව දැනුවත් කරලා නෑ.

Google AdSense

In-Article Ad