FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දෙහිවල දරු දෙදෙනාගේ ඝාතනයෙන් UN එකත් සසල වෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙවැනි විපත් යළි දෑසට නොපෙනේවා! දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද එ.ජා. සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක කනස්සල්ල පළ කරයි දෙහිවල ප්‍රදේශයේ දී අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ මහතා පවසන්නේ දරු දෙදෙනකුට මරු කැඳවූ එම සිදුවීම තමා දැඩි කම්පනයට ලක් කළ බවය. මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ පාර්‍ශ්ව ඊට පිළිතුරු ලබාදිය යුතු බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම සඳහන් කර තිබුණි. දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට සිකුරාදා (11දා) අලුයම නාඳුනන පිරිසක් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ සිටි දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය. ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබන මියගිය දරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කරගනිමින් එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට අපරාධකරුවන් පැමිණ ඇති බවටත් නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවටත් පොලිසිය සැක පළ කරයි. චතුර පමුණුව

Google AdSense

In-Article Ad