
ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්‍තන ආචාර්‍යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 91 වැනි වියේ පසුවූ ඒ මහත්මිය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්‍ග සඳහන් කළේය. දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්‍තන ආචාර්‍යවරියක ලෙස දීර්‍ඝ කාලයක් සේවය කළ දයා නෙල්ලම්පිටිය මහත්මිය, දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්‍තන සම්ප්‍රදාය කියාදුන් විශිෂ්ට ගුරුවරියක ද වූවාය. එමෙන්ම ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය වර්‍තමානයේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරිය ද වූවාය. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්‍තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා ඇයගෙන් ඉටුවූ මෙහෙය අනුපමේය වේ. ඒ මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව ද වාර්‍තා වේ.
Google AdSense
In-Article Ad

