FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කපිල චන්ද්‍රසේනගේ අල්ලස් මුදල් නාමල් ඉල්ලගෙන!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ප්‍රකට අල්ලස් සිදුවීමට අදාළව, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු ලෙස පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්‍තමේන්තුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුවට (CID) උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනටමත් පවත්වාගෙන යනු ලබයි. කපිල චන්ද්‍රසේනගේ අල්ලස් මුදල් නාමල්ට? මෙතෙක් සිදු කරන ලද විමර්‍ශනවලට අනුව, අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන කපිල චන්ද්‍රසේන විසින් ලබාගන්නා ලද අල්ලස් මුදල් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම කරුණු පදනම් කරගනිමින් නාමල් රාජපක්‍ෂ මහතා ද මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපති දෙපාර්‍තමේන්තුව උපදෙස් දී තිබේ. ඒ අනුව ඉදිරියේදී මෝසමක් මාර්‍ගයෙන් නඩුව කැඳවා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්‍තා කරමින් මන්ත්‍රීවරයාව අදාළ නඩුවට ඇතුළත් කිරීමට නියමිතය. රුපියල් ලක්ෂ 100ක අල්ලස් චෝදනාව සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී 2014-2015 කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී රුපියල් ලක්‍ෂ 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත නාමල් රාජපක්‍ෂ මහතාව පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Google AdSense

In-Article Ad