
පහළ වායුගෝලය හදිසියේ කැළඹෙයි – ප්‍රදේශ රැසකට මහ වැසි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කළ හැකි බවයි කාර්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. “මේ දිනවල ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් පැවැත්වෙනවා. මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර, එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දින යෙදේයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිවයිනේ සෙස ප්‍රදේශවලද පස්වරු 1:00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිතිවීමේ හැකියාවක්ද පවතිනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින්න් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයටද බලපෑම් එල්ල වී ඇති බවයි ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ ”ගාල්ල සහ අවට ප්‍රදේශවලට ධාරානිපාත වර්‍ෂාව පතිත වෙනවා. ඊයේ රාත්‍රී කාලයේ සිටම මෙම වර්‍ෂාව පතිත වීම නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්‍ග රැසක්ම ඊයේ රාත්‍රී කාලයේ සිටම ජලයෙන් යට දමා තිබුණා. ගාල්ල – වක්වැල්ල මාර්‍ගය, ඒ වගේම ගාල්ල – බද්දේගම මාර්‍ගය, ගාල්ල – අම්බලන්ගොඩ මාර්‍ගයේ තියෙන මාර්‍ගවල තමයි මෙම ජලගැලීම් තත්ත්වය තිබුණේ. යම් යම් ස්ථානවල ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා. ඒ වගේම ගාල්ල පොලීසිය ඉදිරිපිට බොහෝ ස්ථාන ජලයෙන් යටවීම නිසා ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ වගේම එම ප්‍රදේශවල රථවාහන ධාවනය සිදු වුණේ නැහැ.කෙසේ නමුත්, මේ වන විට යම්තාක් දුරට වර්‍ෂාව අඩු වී තිබෙනවා. එම නිසා එම ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතිනවා කියලා තමයි කියන්න පුළුවන්.” .
Google AdSense
In-Article Ad

