FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොකේන් තොගයක් ගිල දිවයිනට උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

”කොකේන්” මත්ද්‍රව්‍ය තොගයක් ගිල දිවයිට ආ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. උගන්ඩා ජාතික ගොවියෙකු වන සැකකරු අදාළ කොකේන් තොගය ගුලි 90ක් ලෙස සකස් කර උගන්ඩාවේදී ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති ඔහු ගුවන් තොටුපොළේ පළමු මහළේ රැදී සිටියදී රේගු නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු ගිල දමා තිබූ කොකේන් ගුලි 13 ක් පිටතට දමා තිබෙනවා. ඉතිරි ”කොකේන්” මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා සැකකාර උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ බවද ගුවන් තොටුපොල රේගු නිලධාරීන් පැවසුවා. ඔහු ගිල දමා ඇති කොකේන් ගුලි තොගයේ වටිනාකම රුපියල් කෝටි පහකට අධික වන බවටයි පැවසෙන්නේ. .

Google AdSense

In-Article Ad