FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නොරොච්චෝල ලොකු අර්‍බුදයක.. ගල් අගුරු නැවු දෙකක් ඉතා හදිසියි.. දිනකට ඩීසල් ලීටර ලක්‍ෂ 14කින් විදුලිය හදමින්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ගල් අඟුරු මගින් අපේක්ෂිත විදුලි ධාරිතාව ජනනය කර ගැනීමට නොහැකි වීම නිසා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පමණ විදුලි උත්පාදනය සඳහා වැය කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, ඉන්ධන සඳහා ලබාදුන් සහනාධාරය පසුගිය 31 වනදායින් අවසන් වීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි උත්පාදනයට යොදාගන්නා නැප්තා සහ දැවිතෙල් මිල සියයට 20කින් ඉහළ දමා ඇති බවත්, මෙය ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමට පදනමක් කරගත හැකි බවත් ඔහු අනාවරණය කළේය. මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගල් අඟුරු සංචිත අවම වීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ විදුලි නිෂ්පාදනය සීමා කර ඇති බවයි. කෙසේ වෙතත්, පවතින හිඩැස පියවීමට ජල විදුලි උත්පාදනය උපරිම ලෙස යොදාගන්නා බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට ළඟා වීමට නියමිත අතර, ඉන් පළමු නෞකාව අද දිනයේත්, දෙවන නෞකාව සැප්තැම්බර් 12 වනදාත් පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම ගල් අඟුරු තොග ගොඩබෑමෙන් පසු විදුලි උත්පාදනය යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

Google AdSense

In-Article Ad