
පොහොට්ටුවට අද සෑහෙන අමාරු දවසක්.. නාමල්-ජොන්ස්ටන් එකවර අල්ලසට ගෙනේ.. නාමල් ප්ලේන්, ජොනී පුටු..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැදවා ඇත්තේ එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්‍ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා රැලියට පෙර තමන්ව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට රජය උත්සාහ කරන බවයි. රජය දැඩි කලබලයකට පත්ව මර්‍දනය තුළින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට උත්සාහ කරන බවත්, මෙවැනි බාධා කිරීම් මගින් තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර, මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අද කොමිසම හමුවට කැඳවා ඇත. 2012 වසරේදී ඔහු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳවා තිබියදී එය නොසලකා හරිමින් වෙනත් පුද්ගලයෙකු මාර්‍ගයෙන් පුටු මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්‍ශනය ක්‍රියාත්මක වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Google AdSense
In-Article Ad

