FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අල්ලස් කොමිසමට යන්න කලින් මන්ත්‍රී නාමල් නේපාල තානාපති කාර්‍යාලයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නේපාල තානාපති කාර්‍යාලයට ගොස් තිබෙනවා. ඒ, ඉකුත්දා සිදු වූ ස්වභාවික ආපදාවකින් විපතට පත් නේපාල වැසියන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සදහායි. පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන නේපාල තානාපති විජය කුමාර් රාවොත් ද හමුවි තිබෙනවා. නේපාල ජනතාව මුහුණ දුන් ව්‍යසනය පිළිබඳව බලවත් කණගාටුව පල කරන බවයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පැවැති දීර්‍ඝකාලීන සබඳතාව සහ සහයෝගය මෙවැනි අවස්ථාවකදී තවත් ශක්තිමත් විය යුතු බවද පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම හමුවේදී අවධාරණය කර තිබෙනවා. මේ අතර නාමල් රාජපක්‍ෂ මහතා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව වෙත කැදවා තිබෙනවා. ඒ, සිදු කෙරෙන විමර්‍ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා බවයි වාර්‍තා වුණේ. .

Google AdSense

In-Article Ad