
22 සම්මත වුනොත් බුද්ධාගමට පහර වදිනවා – හිටපු ඇමති සරත් වීරසේකර
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ආණ්ඩුව විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්‍ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීම සිදුවේ. අද දිනයේ, පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව තුළින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව දක්වා තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් අධිකරණ ස්වාධීනත්වය අඩාල වෙනවා. අධිකරණ ස්වාධීනත්වය අඩාල වුවහොත් ඒ හරහා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට දැක්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයත් දුර්‍වල වෙනවා. ඒ හරහා සෘජුවම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීම් සිදුවනවා. එම නිසා මෙම සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය නම් එය අනිවාර්‍යන්ම ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි”
Google AdSense
In-Article Ad

