
නේපාලයේ වැනි අනතුරක් ලංකාවේත් වෙන අවදානමක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නේපාලයේ සිදු වූ මෙම ඛේදවාචකය මෙරටට ද සෘජු පාඩමක් කියාදෙන බවය. මෙරට මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයෑම ඊට හොඳම උදාහරණය සපයන බවද මහාචාර්‍යවරයා පැවසීය. එම නායයෑම නිසා ප්‍රදේශයේ ඇළ මාර්‍ගයක් හිරවී එමගින් මුළු ගම්මානයම යට කරමින් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ගංගා සහ ඇළ දොළ ආසන්නයේ පිහිටි දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයෑමට ලක්වූ විට එම පස් තට්ටු මගින් ජල මාර්‍ග අවහිර විය හැකි අතර එලෙස එක්‍රැස් වන විශාල ජලකඳ එම අවහිරතා බිඳ දමා පහළට ගැලීමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්‍මාණය වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සාමාන්‍ය නායයෑම් සිතියම්ගත කරනවා සේම, මෙලෙස ජල මාර්‍ග අවහිර වී ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්‍ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම වැදගත් වන බවය. එමගින් සරසවිගම සිදු වූ ඛේදවාචක වැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට හැකිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.
Google AdSense
In-Article Ad

