FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සයිබීරියාව සහ කොළඹ යා කරමින් නව ගුවන් ගමන්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම නව ගුවන් ගමන් වාර එළඹෙන දෙසැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. සතියකට දෙවරක්, එනම් සෑම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. නොවොසිබිර්‍ස්ක් සිට කොළඹ දක්වා ගමන් ගන්නා මෙම ගුවන් යානා ඉන්දියාවේ ජායිපූර් (Jaipur) නගරයේ තාක්ෂණික නැවතුමකට (Technical stop) යොමු කෙරෙන අතර, සමස්ත ගමන් කාලය පැය 10ක් පමණ වනු ඇතැයි ගුවන් සමාගම පවසයි. ගුවන් ගමන් කාලසටහනට අනුව, නොවොසිබිර්‍ස්ක් හි ටොල්මචෙවෝ (Tolmachevo) ගුවන් තොටුපළෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 5.15ට සහ ඉරිදා පෙරවරු 5.00ට පිටත්වන ගුවන් යානා, එදිනම පස්වරු 1.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතය. යළි කොළඹ සිට නොවොසිබිර්‍ස්ක් බලා එම දිනවලම පස්වරු 2.50ට පිටත්වන ගුවන් යානා පසුදා අලුයම 2.15ට සිය ගමනාන්තය වෙත ළඟා වනු ඇත. මෙම නව ගුවන් මාර්‍ගය සඳහා වන ගුවන් ටිකට්පත් මේ වන විටත් අලෙවිය සඳහා නිකුත් කර ඇති බව S7 ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම නව සේවාව හරහා රුසියානු සංචාරකයින්ට සෘජුවම මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Google AdSense

In-Article Ad