
වාසුදේව වැනි දේශපාලන චරිත ගැන අනාගත පරපුර දැනගත යුතුයි - අගමැතිනී හරිනි අමරසූරිය
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පිළිබඳ රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (28) සහභාගී වූවාය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වමේ දේශපාලන ඉතිහාසය තුළ වාසුදේව නානායක්කාර මහතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ චරිතයක් බවයි. දේශපාලනිකව යම් යම් කරුණුවලදී මතභේද පැවතියද, වමේ දේශපාලනය වෙනුවෙන් ඔහු කළ කැපවීම සැමවිටම අගය කරන බව ඇය පැවසුවාය. පාර්‍ලිමේන්තුවේදී ඔහු සමඟ එකට කටයුතු කළ ආකාරය සිහිපත් කළ අගමැතිනිය, ශ්‍රී ලංකා දේශපාලනයට බලපෑමක් කළ මෙවැනි ප්‍රබල චරිත පිළිබඳව අනාගත පරපුර දැනුවත් විය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළාය.
Google AdSense
In-Article Ad

