
රජයේ ඖෂධවේදීන්ගේ සංගමයෙන් රජයට අනතුරු ඇගවීම්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ලබන සදුදා වන විට බලධාරීන් නිසි පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්‍ග ගැනීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අමතර සේවා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලබන සදුදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්‍ගයක නිරතවීමටයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දැනටමත් තීරණය කර ඇත්තේ. එම සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා චෝදනා කරන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය 29 වනදා නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් ඖෂධවේදීන්ගේ අතිකාල දීමනා නිල නාමය ”අමතර සේවා දීමනා” ලෙස සංශෝධනය කළ ද, වෛද්‍ය සේවාවේ බලපෑම් මත පසුව එය හදිසියේ අවලංගු කළ බවයි. මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නොමැති බැවින් අදාළ චක්‍රලේඛය නැවත බලගන්වන ලෙස බලකරමින් මෙම වර්‍ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා. මානුෂීය පදනම මත මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මෙම වෘත්තීය ක්‍රියාමාර්‍ගය සිදු නොකරන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පැවසුවේ. සෙසු සියලුම රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇති අතර, සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අපහසුතා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පාර්‍ශ්ව වෙත දැනුම්දී ඇති බවයි. .
Google AdSense
In-Article Ad

