FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාර්‍ලිමේන්තුව රැස්වන්න දින නියම වෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලබන සැප්තැම්බර් මස 8 වනදා සිට 11 වනදා දක්වා පාර්‍ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්‍ලිමේන්තු මහලේකම් කාර්‍යාලය පවසනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්‍ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව සැප්තැම්බර් 08 වන අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මෝටර් වාහන පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදන ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් 09 වන බදාදා පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න ඇසීම සඳහා කාලය වෙන් කර ඇති අතර, අනතුරුව පස්වරු 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. .

Google AdSense

In-Article Ad