
එකේ මට ගහනවා කියා ගැමුණු පොලිසි යයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේරත්න මහතා සඳහන් කළේ, කාලයක සිට තමන් මෙම විවේචන ඉවසා සිටි නමුත්, තම සංගමයේ සාමාජිකයන්ගේ සහ ඥාතීන්ගේ ඉල්ලීම මත මේ සම්බන්ධයෙන් පොලිස් මැදිහත්වීමක් ලබා ගැනීමට තීරණය කළ බවයි. දැනට ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් දැක්වූ අදහස් එම ව්‍යාපෘතියට විරුද්ධ වීමක් නොවන බවත්, එහි මූල්‍ය ශක්‍යතාව සහ මහජන මුදල් භාවිතය පිළිබඳව පවතින ගැටලු මත පදනම්ව එම අදහස් ඉදිරිපත් කළ බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. ආර්‍ථික අර්‍බුදයෙන් පසුව 2023 වසරේදී තමන් ද මෙවැනිම බස් ව්‍යාපෘතියක් යෝජනා කළ බවත්, ඒ සඳහා මහජන මුදල් වෙනුවට චීනයේ එක්සිම් බැංකුවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සැලසුම් කර තිබූ බවත් විජේරත්න මහතා පැවසීය. එම යෝජනාව එවකට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ද ඉදිරිපත් කර තිබූ බව ඔහු සිහිපත් කළේය. වත්මන් ව්‍යාපෘතිය ලාභදායී ද නැතහොත් ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර මූල්‍ය බරක් පටවන්නේ ද යන්න තීරණය කිරීම සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ලංගමය දැනටමත් දිනකට රුපියල් මිලියන 20ක පමණ පාඩුවක් ලබන බවත්, මූල්‍යමය වශයෙන් තිරසාර නොවන ව්‍යාපෘති මගින් බදු ගෙවන්නන් මත පැටවෙන බර තවදුරටත් වැඩි විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය. මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බස් රථ සම්බන්ධයෙන් එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කළ ඔහු, මීට පෙර ද මෙවැනි Low-floor බස් රථ හඳුන්වා දී ඇති බවත්, පොදු ප්‍රවාහන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ පෙනුම මත නොව තාක්ෂණික දැනුම මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය. තමන්ට එරෙහිව එල්ල වන සමාජ මාධ්‍ය ප්‍රහාර සංවිධානාත්මකව සිදු වන්නක් බවට චෝදනා කළ විජේරත්න මහතා, තම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය සාධාරණ පරීක්ෂණයක් පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

