FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලොව අවලස්සනම සුනඛයා තරගයේ කිරුළ ජිනීට

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වෙන, ලෝක ප්‍රකට “ලොව කැතම සුනඛයා” තේරීමේ තරඟයේ 50 වන සංවත්සර කිරුළ හිමිකර ගැනීමට ‘ජිනී ලූ’ නම් පග් (Pug) වර්‍ගයේ සුනඛයා සමත්ව තිබෙනවා. සැන්ටා රෝසා හි පැවැති මෙම තරඟයේදී, අවුරුදු 6ක් වයසැති ‘ජිනී ලූ’ වෙනත් සුනඛයින් රැසක් පසුපසට තල්ලු කරමින් පළමු ස්ථානය දිනාගත් බවයි වාර්‍තා වන්නේ. මීට වසර හතරකට පෙර ‘Pug Rescue’ ආයතනය හරහා අනුකම්පා සහගත ලෙස හදාගැනීමට ලබාගත් මෙම සුනඛයාගේ හිමිකාරිනිය වන මිෂෙල් ග්‍රේඩිට ඩොලර් 5,000ක ත්‍යාග මුදලක් ද හිමිවුණා. ඊට අමතරව ‘MUG Root Beer’ පානීය සමාගමේ ප්‍රසිද්ධ වෙළඳ සංකේතය වෙනුවට, ජිනී ලූගේ රූපය ඇතුළත් සීමිත නිෂ්පාදන පානීය කෑන් පෙළක් ද නිකුත් කිරීමට නියමිතයි. තරඟයේ දෙවන ස්ථානය ‘පින්කි’ නම් චිහුවාහුවා මිශ්‍ර සුනඛයාට හිමිවූ අතර තෙවන ස්ථානය හිමිවූයේ ‘ඔටෝ’ නම් සුනඛයාටයි. බැලූ බැල්මට මෙය සුනඛයන්ට කරන අපහාසයක් ලෙස යමෙකුට සිතිය හැකි වුවත්, තරඟ සංවිධායකයින් පවසන්නේ මෙහි ප්‍රධාන අරමුණ එය නොවන බවයි. සෑම සතෙකු තුළම පවතින අනන්‍යතාවය සහ අභ්‍යන්තර ලස්සන අගය කිරීමත්, අත්හැර දමා සිටින අසරණ සතුන් හදාගැනීමට (Pet Adoption) ජනතාව උනන්දු කරවීමත් මෙහි ප්‍රධාන අරමුණයි. වසර 50ක් පුරා පැවැත්වෙන මෙම තරඟයෙන් අප සමාජයට දෙන්නේ කරුණාව, ආදරය සහ සතුන් පිළිගැනීමේ වැදගත් පණිවුඩයයි යනුවෙන් තරඟ සංවිධායක ආයතනයේ ප්‍රධානී මැන්ඩි ක්ලෙන්ඩෙනන් මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා. .

Google AdSense

In-Article Ad