FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

2029ත් ජනාධිපති අනුරයි.. දැන් ඡන්ද දෙගුණ තෙගුණ වෙලා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පිරිස් එදා මාලිමාවේ ආණ්ඩුවට අත්දැකීම් නොමැති බව පවසමින් විවිධ මත ප්‍රකාශ කළ ද, අද වන විට එම සියලු තර්‍ක බිඳ වැටී ඇති බවයි. "මාස හයෙන් හයට ආණ්ඩුව පෙරළන්න බලාගෙන හිටපු අය දැන් 2029 ජනාධිපතිවරණය ගැන හීන දකිනවා. පඳුරකට පයින් ගැහුවත් දැන් 2029 ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අයට දැන් තියෙන්නේ දිවුරුම් දෙන්න විතරයි වගේ තමයි හැසිරෙන්නේ," යනුවෙන් ඔහු උපහාසාත්මකව සඳහන් කළේය. රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය දිනෙන් දින වර්‍ධනය වෙමින් පවතින බවත්, 2024 මැතිවරණයේදී අවිශ්වාසයෙන් හෝ බියෙන් මාලිමාවට ඡන්දය ලබා දුන් පිරිස් මෙන්ම ඡන්දය ලබා නොදුන් පිරිස් ද දැන් රජය වටා රොක් වෙමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය. විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ වැටුප් හා නිවාස ප්‍රශ්න විසඳීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් එම ප්‍රදේශවල ද රජයට විශාල සහයෝගයක් ලැබෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳන ජනතාවාදී ආණ්ඩුවක් ලෙස මාලිමාව ඉදිරියට යන බවත්, ඒ අනුව 2029 වසරේදී ද අනුර කුමාර දිසානායක මහතා නියත වශයෙන්ම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇති බවත් සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad