
මහ මොල් හිමියන් සමග සාකච්චා සාර්‍ථකයි.. කිලෝ 64 වී මිටිය රුපියල් 6000ට ගන්න ඔවුන් එකග වුනා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයා සඳහන් කළේ, කිලෝ 64ක වී මිටියක් රුපියල් 6,000ක මිලකට මිලදී ගැනීමට මහා පරිමාණ මෝල් හිමියන් මේ වන විට එකඟතාව පළ කර ඇති බවයි. එමෙන්ම ඉදිරි සතිය ඇතුළත එම මිල රුපියල් 6,800 දක්වා ඉහළ නැංවීමට ද මෝල් හිමියන් කටයුතු කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. "රජය මේ මුදල් ලබා දෙන්නේ රටේ ජාතික නිෂ්පාදනය සුරක්ෂිත කිරීම වෙනුවෙන්. ගොවියාට සිය වී කිලෝවකට රුපියල් 120ක පමණ සාධාරණ මිලක් ලැබෙන අතරම, පාරිභෝගිකයාට ද සහනදායී මිලකට සහල් ලබා දීම අපේ අරමුණයි," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රජය විසින් මෝල් හිමියන් කෙරෙහි තැබූ විශ්වාසය මත මෙම පොලී රහිත ණය ලබා දෙන බවත්, එමගින් තම ව්‍යාපාර දියුණු කරගන්නා අතරම ගොවි ජනතාවට උපරිම සහනයක් සැලසීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඉදිරියේදී ගොවි ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබා දීමට රජය සූදානම් බව ද ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

