FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනපති හා සාකච්චාවේ අපේ වීඩියෝ කපලා කොටලා... ඔරිජිනල් එක ප්‍රසිද්ද කරන්න - නීතීඥ සංගමය කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවට අදාළ සම්පූර්‍ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටය ලබාදෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ මාධ්‍ය ඒකකය වෙත ලිපියක් යොමු කරමිනි. අගෝස්තු 14 වැනිදා නිකුත් කරන ලද මෙම ලිපිය මගින් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ, අදාළ සාකච්ඡාවට සම්බන්ධ වීඩියෝ පටයක කොටසක් තමන් වෙත ලැබී ඇති නමුත් එය සම්පූර්‍ණ පටිගත කිරීමක් නොවන බවයි. දැනට ලැබී ඇති වීඩියෝව මූලික සාකච්ඡාවට පමණක් සීමා වී ඇති අතර, එහි ඇතැම් ස්ථානවල ශබ්ද පරිපාලනය ද ඉතා අපැහැදිලි මට්ටමක පවතින බව එම සංගමය පවසයි. එම නිසා, සාකච්ඡාව පුරා ඉදිරිපත් වූ සියලු අදහස් දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විසින් අවසානයේ සිදුකරන ලද විශේෂ ප්‍රකාශය ද ඇතුළත් වන පරිදි සම්පූර්‍ණ වීඩියෝව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත. කිසිදු සංස්කරණයකට ලක් නොකළ මෙම දර්‍ශන පෙළ ඉහළම ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීමට කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Google AdSense

In-Article Ad