
ශිරාන් බාසික්ගෙන් පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර හිමිව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ සදහා අවසර හිමිව ඇති බවයි කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ ශිරාන් බාසික් ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර විමර්‍ශන සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය වෙත භාර දී තිබුණා. සැකකරු සමග රැගෙන ආ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්‍ශන සඳහා එම කාර්‍යාංශය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවේ අබුඩාබි නුවර සිටයි. වයස අවුරුදු 48 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික්ට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය, කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම දෙහිවල, මිරිහාන, ගල්කිස්ස, පිළියන්දල පොලිස් ස්ථාන මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම්, ගිනිඅවි සහ තියුණු ආයුධ සන්තකයේ තබාගැනීම් මෙන්ම නීති විරෝධී රැස්වීම්වල සාමාජිකයෙකු වෙමින් හානි සිදුකිරීම් සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බවයි වාර්‍තා වන්නේ. එමෙන්ම, මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගෙන ඇති බවට සැකකෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳව ද ඉදිරියේදී විමර්‍ශන සිදුකිරීමට නියමිතයි. ශිරාන් බාසික් නමැත්තා 2018 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පලාගොස් ඇති බවටයි වාර්‍තා වුණේ. ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබුණා. එවන් පසුබිමක් තුළ පසුගිය මැයි 26 වනදා ඩුබායි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්‍ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේයි. .
Google AdSense
In-Article Ad

