
බැකෝ සමන්ගේ මවගේ අවසන් කටයුතු අද – ප්රදේශයට විශේෂ ආරක්ෂාවක් – STF එකත් කැදවයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වෙඩි ප්රහාරයකට ලක්ව ජිවිතක්ෂයට පත් වු සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, මිද්දෙනිය, උල්හිටියාව පවුලේ සුසාන භූමියේදීයි. ඒ අනුව එම ප්රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබෙනවා. කෙසේවෙතත් සිය මවට අවසන් ගෞරව දැක්වීම සදහා බැකෝ සමන් නොපැමිණි බවයි පොලීසිය පැවසුවේ. පසුගියදා සිය නිවස ඉදිරිපිට රැදි සිටියදී එම කාන්තාව වෙඩි ප්රහාරයකට ලක් වුණා. එහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවටයි අනාවරණ වූණේ. ඔවුන් පැමිණි යතුරු පැදිය, රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී ඌරුබොක්ක පොලීසිය විසින් සොයා ගනු ලැබුවා. අදාළ වෙඩි ප්රහාරය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ. .
Google AdSense
In-Article Ad

