
ඉන්දු-ලංකා තරගය නොමිලේ බලන්න දුන්නත් ක්‍රීඩාගාර පාළුවට යයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කළ යෂස්වි ජයිස්වාල් පන්දු 37කදී ලකුණු 32ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුව පිටියෙන් ඉවත් විය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලෝකේෂ් රාහුල් ලකුණු 32ක් සහ දේවදත් පඩික්කල් ලකුණු 35ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. ඕවර 27ක් අවසානයේ ඉන්දීය ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට 3.74ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, දෙරට අතර පවතින මෙම තීරණාත්මක තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය ඉතා අවම මට්ටමක පැවතීම විශේෂත්වයකි. ක්‍රීඩාංගණයේ ඇතැම් ප්‍රේක්ෂක කුටිවල එකදු ප්‍රේක්ෂකයෙකු හෝ දක්නට නොලැබෙන තරමට ප්‍රේක්ෂකාගාර හිස්ව පවතින අයුරු දක්නට ලැබුණි. ප්‍රේක්ෂක ආකර්‍ෂණය වැඩිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබියදීත්, මෙලෙස ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පැවතීම කැපී පෙනෙන සිදුවීමකි.
Google AdSense
In-Article Ad

