
ලැව්ගිනි නිසා ප්‍රංශයේ හෙක්ටයාර 1,100ක් විනාශ වෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100ක් භූමි ප්‍රදේශයක් විනාශ වී තිබේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල රැදී සිටි පුද්ගලයින් 525දෙනෙකු පමණ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්‍තා කළේය. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් 500දෙනෙකු පමණ යොදවා ඇති බව ද සඳහන්. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ ප්‍රංශයේ කලාප 75කට ලැව්ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවය. මේ අතර බටහිර ජර්‍මනියේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ද පුද්ගලයින් 2000කට අධික පිරිසක් ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
Google AdSense
In-Article Ad

