
මහින්ද ජනාධිපති සමයේ අගමැතිවරයෙක් සහ ඇමති කෙනෙක් ආපසු දෙන්නම් කියා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 246ක් අරගෙන තාමත් දිලා නෑ!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
2012 සහ 2014 කාලය තුළ එවකට හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ තවත් ඇමතිවරයෙක්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් හාර කෝටි හත් ලක්ෂ දාහත් දහස් නවසිය හතලිස් එකක මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ. මෙම මුදල් ලබා දී ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීම සදහා ය. හාර කෝටි හත් ලක්ෂ දාහත් දහස් නවසිය හතලිස් එකක් වූ මෙම මුදලෙන්, රුපියල් දෙකෝටි හතලිස් හය ලක්ෂ පනස් හත් දහස් පහළොවක මුදලක් ආපසු පියවීමේ පොරොන්දුව මත ලබා දී තිබුනද, එම මුදල 2026 වසරේ මැයි මාසයේ 20 වන දා වන විටත් නැවත ලබා දී නැති බව වාර්තා වේ. ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන නවතම වාර්තාවක මේ බව සදහන් වේ.
Google AdSense
In-Article Ad

