
මේ ආණ්ඩුවෙ හිරේ යන ලයිස්තුව මගෙ අතේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එක් පුද්ගලයෙකු සතුටු කිරීම සඳහා ජනතාව බලාපොරොත්තු නොවූ අනවශ්‍ය දේවල් සිදු කිරීමට රජය උත්සාහ කරන බවත්, අතීතයේ මෙවැනි ක්‍රියා සිදු කළ රජයන් අවසානයේ අසාර්ථක වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වන විට විධායක ජනාධිපති ධුරය හෝ අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කිරීමට පවා ඇතැම් පාර්ශවයන් උත්සාහ කළ හැකි බවට ඔහු සැක පළ කළේය. තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ඇතැම් පිරිස් තවත් වසර 20ක් පමණ පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට උත්සාහ කරන බවත්, ඔවුන් අනෙක් අයට වැඩ කිරීමට ඉඩ නොදෙන අයුරින් කටයුතු කරන බවත්ය. එසේම, නීතිය හමුවට පැමිණවීමට නියමිත පුද්ගලයින්ගේ ලැයිස්තුවක් තමන් සතුව පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

