
මුල්‍ය වංචා චෝදනාවකට ඇමති ලාල් කාන්තගේ මස්සිනා අත්අඩංගුවට!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රජයේ වාහන වෙන්දේසියකින් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ සමීප ඥාතියෙකු කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය (SCIB) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අමාත්‍යවරයාගේ බිරිඳගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වන වයි. සුසන්ත සුදර්ශන නැමැති අයෙකි. මස්පොත, පැල්ලන්දෙනිය ප්‍රදේශයේ පදිංචි මොහු විසින් කෑගල්ල, හමුදුගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් මෙම මුදල ලබාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. අදාළ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට කෑගල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇත. සැකකරු හෙට (12) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
Google AdSense
In-Article Ad

